තුන්කොන් අවසන් සටනේ පෙරහුරුව අද ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර
14 October 2026
තුන්කොන් අවසන් සටනේ පෙරහුරුව අද ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර
14 October 2026
පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද (14 වැනිදා) ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිතය. අනිද්දා (16 වැනිදා) පැවැත්වෙන අවසන් මහා තරගයටද මෙම කණ්ඩායම් දෙකම සුදුසුකම් ලබා තිබීම හේතුවෙන්, අද පැවැත්වෙන තරගය අවසන් මහා තරගයේ පෙරහුරුවක සිරියක් ගෙන තිබේ.
මින් පෙර මෙම තරගාවලියේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරග දෙකම ශ්රී ලංකාව ජය හිමි කරගත්තේය. තරගාවලියේ මේ වන විට තරග 5කට ක්රීඩා කර ඇති ශ්රී ලංකා කණ්ඩායම එහි ප්රථම තරගය හැර අනෙක් තරග 4ම ජය ගනිමින් ප්රසාද ලකුණු 8ක් සමග ප්රථම ස්ථානයට පත්ව සිටින අතර, තරග 5කට ක්රීඩා කර ඇති බංග්ලාදේශය එයින් තරග 3ක් ජයගෙන ප්රසාද ලකුණු 6ක් හිමිකරගෙන සිටියි. සත්කාරක පාකිස්තානය තමන් තරග වැදුණු තරග 6න් ජයගත්තේ ශ්රී ලංකාව පරාජයට පත් වූ පළමු තරගය පමණකි.
අද පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් උදෑසන 11ට ආරම්භ වීමට නියමිතය.

