ගිනිගත්හේන ප්‍රදේශයෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක්
01 September 2026
ගිනිගත්හේන ප්‍රදේශයෙන් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට ගල් පෙරළීමේ අවදානමක්
01 September 2026
පසුගිය දිනවල ගිනිගත්හේන ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් පිහිටි රක්ෂිතයේ ඇති විශාල ගල් සහ ගස් කිහිපයක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බව ප්‍රදේශවාසීන් පවසති.
අදාළ ස්ථානයෙන් ප්‍රධාන මාර්ගයට පස් සහ ගල් කඩා වැටී ඇති අතර, ඒ හේතුවෙන් රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල විය.
පසුව මාර්ගයට කඩා වැටුණු පස් සහ ගල් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ ද, පහළට කඩා වැටීමේ තර්ජනයට ලක්ව ඇති අනෙකුත් විශාල ගල් සහ ගස් ඉවත් කිරීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.
දිනපතා විශාල වාහන සංඛ්‍යාවක් ධාවනය වන මෙම කාර්යබහුල මාර්ගයේ සිදුවීමට ඉඩ ඇති මහත් විපතක් වළක්වා ගැනීම සඳහා අදාළ අනතුරුදායක ගල් සහ ගස් කඩිනමින් ඉවත්කිරීමට මැදිහත් වන ලෙස ප්‍රදේශවාසීන් වගකියයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

