ජනාධිපතිවරයා සමඟ පැවැති නිල හමුවෙන් අනතුරුව ජෙයි ෂා සිය නිල X ගිණුමේ විශේෂ සටහනක් තබයි
19 June 2026
ජනාධිපතිවරයා සමඟ පැවැති නිල හමුවෙන් අනතුරුව ජෙයි ෂා සිය නිල X ගිණුමේ විශේෂ සටහනක් තබයි
19 June 2026
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී එරට ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම තමන් ලැබූ වරප්‍රසාදයක් බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජෙයි ෂා මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා සමඟ පැවැති නිල හමුවෙන් අනතුරුව සිය නිල X ගිණුමේ විශේෂ සටහනක් තබමිනි.
එහිදී ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක් බව පෙන්වා දුන් ජෙයි ෂා මහතා, ජාත්‍යන්තර තරගාවලි සඳහා සත්කාරකත්වය සැපයීමේදී සහ ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ දායකත්වය ද බෙහෙවින් අගය කර තිබේ.
එමෙන්ම මෙම හමුවේදී නැගී එන ක්‍රීඩකයින් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම, බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
අනාගත පරපුර වෙනුවෙන් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙරට සියලුම පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට තමන් බලාපොරොත්තු වන බව පැවසූ ICC සභාපතිවරයා, ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ජනාධිපතිවරයා දක්වන සහයෝගය පිළිබඳව ද සිය ස්තූතිය පුද කර තිබේ.
ඔහු X මාධ්‍යයෙහි තැබූ සටහන පහතින්,
"අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින හමුවීමට ලැබීම සහ ශ්‍රී ලංකාවේ වත්මන් ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම මම ලැබූ සුවිශේෂී වරප්‍රසාදයක් කොට සලකමි. අපගේ සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු වූයේ නැගී එන ක්‍රීඩකයින් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම, බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සමාජයීය බලපෑමක් සහ ආර්ථික වර්ධනයක් ඇති කරලීමේ මෙවලමක් ලෙස භාවිත කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි.
එසේම ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සඳහා සත්කාරකත්වය සැපයීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම ඉටු කරන කාර්යභාරය සහ මෙම ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වය පිළිබඳවද අපි අදහස් හුවමාරු කර ගත්තෙමු. ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට හිමිවන්නේ ඉතා සුවිශේෂී ස්ථානයකි. එබැවින් ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, අනාගත පරපුර වෙනුවෙන් නව අවස්ථා නිර්මාණය කිරීමටත් ක්‍රීඩාවේ සියලුම පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා දක්වන නොසැලෙන සහයෝගය සහ ඔහුගේ වටිනා කාලය අප වෙනුවෙන් වෙන් කිරීම පිළිබඳව මගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමි."

