Best News Website award
brand logo
logo
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකට

20 November 2026

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.


ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් ඉදිරි දිනක දී පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇත.


රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය පසුගිය 9 වැනිදා අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා හා ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කර තිබුණි.


පෙත්සම් විභාගය අතරතුර පනත් කෙටුම්පතේ මතභේදාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන සංශෝධන කිහිපයක් ද නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

 

More News..