උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
09 March 2026
උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
09 March 2026
දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව වයඹට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පැවතිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඒ පිළිබඳව වඩාත් විමසිලිමත් වෙන ලෙසත් වැඩි වේලාවක් අව්වට නිරාවරණය වීම සහ ක්‍රියාකාරකම්වල නිරත වීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවදුරටත් ක්‍රියාකාරකම්වල නියත වීම තුළින් විජලනය හා මස්පිඩු පෙරළීම ඇති විය හැකි බැවින් ජලය ප්‍රමාණවත් ලෙස පානය කරන ලෙසත් සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කර සෙවණ ඇති ස්ථානවල සිටින ලෙසත් ජනතාවට දැනුම්දෙයි.

