දිවයිනේ ප්රදේශ කිහිපයකින් අප්රිකානු සූකර උණ රෝගය යළි මතු වෙයි
29 October 2026
දිවයිනේ ප්රදේශ කිහිපයකින් අප්රිකානු සූකර උණ රෝගය යළි මතු වෙයි
29 October 2026
අප්රිකානු සූකර උණ රෝගය දිවයිනේ ප්රදේශ කිහිපයක ගොවිපොළවලින් යළි වාර්තා වන බව සෞඛ්ය අංශ පවසයි.
කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, මහනුවර සහ පුත්තලම යන දිස්ත්රික්කවල ගොවිපොළ 48ක සිදුකළ පරීක්ෂාවකින් එම උණ වෛරසය වැළදුණු සූකරයින් වාර්තා වු බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්ය දෙපාර්තමේන්තුවේ ප්රධාන වසංගත රෝග විශේෂඥ වෛද්ය ප්රදීප් කුමාරවඩු මහතා පැවසුවේය.
"ඇත්තටම අපි මේ රෝග තත්ත්වය පහුගිය අවුරුද්දේ සෑහෙන දුරට පාලනය කළා. නමුත් මේ අවුරුද්දේ සමහරක් ස්ථානවල මේ රෝගය නැවතත් වාර්තා වෙනවා කියලා අපිට වාර්තා ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේස් පිළිබඳව මහජනතාව දැනුවත් කරන්නේ. අපි ගොවිපොළ 48ක් පරීක්ෂා කළා. ඒ 48න් අපිජන්න සහ තර සතුන් නැති කරන ගොවිපොළ ගත්තොත් ඒ සියල්ලම අනිවාර්යයෙන්ම මේ රෝග තත්ත්වයන් තියෙනවා කියලා අපිට වාර්තා වුණා. එතකොට අපි මේ ගොවිපොළ 48න්ම අපි සතුන් 1200කට ආසන්න ප්රමාණයක් පරීක්ෂා කරලා බැලුවම ඒකෙන් බොහෝ සතුන් ප්රමාණයක් මේ රෝග කාරකය තියෙනවා කියලා තමයි තහවුරු කර ගත්තේ. හැම ගොවිපොළේම සත්තු එකෙක් දෙන්නෙක් ඉන්නවා. දිස්ත්රික්ක ගත්තොත් එහෙම කොළඹ දිස්ත්රික්කය, ගම්පහ, කළුතර, අනුරාධපුරය, මහනුවර සහ පුත්තලම. ඒ කියන දිස්ත්රික්කවල තමයි මේ ගොවිපොළ පරීක්ෂා කළේ. එතකොට ඉතින් සතුන් 200කට ආසන්න ප්රමාණයක් ඒ සත්තු පොසිටිව් කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. මයිනස් ඒ වැළඳුණොත් නැත්නම් මේක ඇඟේ තියෙනවා පෙන්නන්නයි. මෙය මනුෂ්ය පරිභෝජනයට සුදුසු සුදුසු නැද්ද? සුදුසුයි. ප්රශ්නයක් නැහැ. ඒ කියන්නේ මේක සූනෝටික් ඩිසීස් එකක් නෙමෙයි. මිනිසුන්ට බොවීම් නැහැ"
මෙම වෛරස් ව්යාප්තිය පාලනය කිරීම සදහා ගත යුතු ක්රියාමාර්ග පිළිබඳව ද වෛද්ය ප්රදීප් කුමාරවඩු පැහැදිලි කළේය.
"අපි ගෝවි ජනතාවට කියන්නේ මේ රෝගය පිළිබඳව සැලකිල්ලක් දක්වන්න බය විය යුතු නැහැ. නමුත් අපේ තාක්ෂණික උපක්රම සහ ඒ උපදේශයන් මාර්ගෝපදේශයන් පිළිපදින්න අනිවාර්යයෙන්ම මේ රෝගයෙන් වාර්තා අඩු වෙන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා කුඩා පරිමාණයෙන් සූකර කර්මාන්තයේ යෙදෙන ව්යවසායකයින් සමහරක් විට තමන්ගේ නිවසේම සතුන් මරලා ඒ සතුන්ගේ අපද්රව්ය ගිහිල්ලා දානවා ජලාශ්රිත ප්රදේශවල. එතකොට අනිවාර්යයෙන්ම මේ රෝගය ඉතාමත්ම ඉක්මනින් පැතිරෙන්න පුළුවන්. ඉතින් මට හිතෙන්නේ ඒකත් අපි මේ මහජනතාවට කියනවා මොකද ඔබගේ වගකීම මේක අපද්රව්ය එළියට දැමීමේ අපහරණය කිරීමේදී නිසි ක්රමවේදයන් අනුව අපහරණය කරන්න

