දැරණියගල පල්ලේබාගේ බස් රථයේ රියදුරු බීමත්ව සිටියදී නූරිය පොලීසියෙන් අත්අඩංගුවට
03 October 2026 | ජානක විරසිංහ- දෙහිඕවිට
දැරණියගල පල්ලේබාගේ බස් රථයේ රියදුරු බීමත්ව සිටියදී නූරිය පොලීසියෙන් අත්අඩංගුවට
03 October 2026 | ජානක විරසිංහ- දෙහිඕවිට
දැරණියගල ලංගම ඩිපෝවට අයත් පල්ලේබාගේ ප්‍රදේශය දක්වා ධාවනය වූ බස් රථයක රියදුරෙකු බීමත්ව රිය ධාවනය කිරීමේ වරදට ඊයේ (02) දින නූරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල බස් රථය ඊයේ පස්වරුවේ පල්ලේබාගේ බලා ධාවනය වෙමින් පැවැති අතරතුර, ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නූරිය පොලීසිය මගින් බස් රථය පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී සිදුකළ පරීක්ෂණවලදී රියදුරු මත්පැන් පානය කර සිටි බවට තහවුරු වී ඇත.
අධික කඳු බැවුම් සහ වංගු සහිත මෙවැනි මාර්ගවල බීමත්ව රිය ධාවනය කිරීම මගීන් රැසකගේ ජීවිත දැඩි අවදානමකට ලක් කිරීමක් බව මෙහිදී පොලීසිය පෙන්වා දුන්නේය.
අත්අඩංගුවට ගත් බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකාර රියදුරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නූරිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

