FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය එංගලන්තයට
19 July 2026
FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය එංගලන්තයට
19 July 2026
FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ප්‍රංශය සමග පැවති තරගය ගෝල් 6ට 4ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
එහිදී එංගලන්තය වෙනුවෙන් තෙවන විනාඩියේදී ඩික්ලැන් රයිස් ගෝලයක් වාර්තා කළේය.
18 වන විනාඩියේදී ඉසරි කොන්සා ගෝලයක් වාර්තා කිරීමට සමත් විය.
අනතුරුව 37, 46 සහ 87 යන විනාඩිවල බුකායෝ සාකා එංගලන්තයේ ජයගහ්‍රණය තවදුරටත් තහවුරු කරමින් ගෝල ලබාගත් අතර 87 වන විනාඩියේදී දඬුවම් පහරක් ඔහු ගෝලයක් ලෙසට පරිවර්තනය කරගත්තේය.
98 වන විනාඩියේදී ජූඩ් බෙලිංහැම් ගෝලයක් වාර්තා කළේය.
මේ අතර ප්‍රංශය වෙනුවෙන් කෙලියන් එම්බාබ් විසින් 48 සහ 66 යන විනාඩිවලදී ගෝල රැස්කරගන්නා ලදී.
බ්‍රැඩ්ලි බර්කෝලා 54 විනාඩියේදීත් ඖස්මන් ඩෙම්බල් 96 විනාඩියේදීත් ගෝල ලබාගත්තහ.
ඒ අනුව තෙවන ස්ථානය සඳහා පැවති තරගය ගෝල 6ට හතරක් ලෙස ජයගනිමින් එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ තෙවන ස්ථානයට පත්විය.

