ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට
14 August 2026
ළමා හිංසන සම්බන්ධ පැමිණිලි ඉහළට
14 August 2026
ළමුන් නොසලකා හැරීම සහ අත්හැර දැමීම මෙන්ම ශාරීරිකව හා මානසිකව හිංසනයට ලක්කිරීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
එහි නීති බලාත්මක කිරීම් අධ්‍යක්ෂ නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය පැවසුවේ මසකට පැමිණිලි 600ත් 1,000ත අතර සංඛ්‍යාවක් ලැබෙන බවය.
මෙවැනි වැරදිවල නිරතවන මව්පියන්ට, දණ්ඩ නීති සංග්‍රහය අනුව අවුරුදු 2ට වැඩි අවුරුදු 10ට අඩු සිරදඬුවමක් ලබාදීමට හැකි බව නීතිඥ සජීවනී අබේකෝන් මහත්මිය පැවසුවාය.

