ග්‍රෙගරි වැවේ බෝට්ටු අනතුරට දෙන්නෙක් අත්අඩංගුවට
20 April 2026
ග්‍රෙගරි වැවේ බෝට්ටු අනතුරට දෙන්නෙක් අත්අඩංගුවට
20 April 2026
නුවරඑළිය ග්‍රෙගරි වැවේ සංචාරකයින් රැගත් බෝට්ටුවක් වේගයෙන් ධාවනය වූ ජෙට් ස්කී යානයක ගැටීමෙන් ඊයේ (19) උදෑසන පෙරළී ගොස් තිබේ.
පෙරළුණු බෝට්ටුවේ සිටි සියලුම සංචාරකයන් ජලයට වැටී ඇතත්, නුවරඑළිය පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් ඔවුන් ආරක්ෂිතව බේරා ගෙන තිබිණි.
කිසිදු ජීවිත හානියක් සිදු නොවූ බවත්, සුළු තුවාල පමණක් සිදුවී ඇති බවත් බලධාරීන් තහවුරු කර ඇත.
මේ අතර, සිද්ධියට සම්බන්ධ ජෙට් ස්කී ක්‍රියාකරු සහ බෝට්ටු ක්‍රියාකරු යන දෙදෙනාම නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අඛණ්ඩ පරීක්ෂණවලින් පසුව, ඔවුන් අද (20) නුවරඑළිය දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

