Best News Website award
brand logo
logo
 ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට

ඔක්තෝබර් මස ජාතික උද්ධමනය සියයට 8.5 දක්වා ඉහළට

23 November 2026


ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කර තිබේ.  


ඒ අනුව 2026 සැප්තැම්බර් මාසයේ දී 8.1%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසය සඳහා 8.5%ක් දක්වා වැඩිවී ඇත.


සැප්තැම්බර් මාසයේ දී 6.9%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසයේදී 7.2%ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


එමෙන්ම, 2026 සැප්තැම්බර් මාසයේ දී 9.1%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසයේ දී 9.5% ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

More News..