දෙල් මිල දෙල් වෙයි
18 November 2026
දෙල් මිල දෙල් වෙයි
18 November 2026
නිට්ටඹුව නගරයේ ඊයේ (17 වැනිදා) අඟහරුවාදා සතිපොළේ දෙල් ගෙඩියක මිල රුපියල් 500 දක්වා ඉහළගොස් තිබිණ. ප්‍රමාණයෙන් තරමක් ලොකු දෙල්ගෙඩි රුපියල් 500 බැගින්ද කුඩා දෙල්ගෙඩි රුපියල් 400 බැගින්ද අලෙවි කරන අයුරු දක්නට ලැබිණි.
දෙල්ගෙඩි මිලදී ගැනීම සඳහා දෙල් අලෙවි ව්‍යාපාරිකයා අසලට පැමිණි ඇතැම් පාරිභෝගිකයන් දෙල් මිල විමසීමෙන් පසුව දෙල් මිලදී නොගෙන පිටවී යන අයුරුද ඇතැම් පාරිභෝගිකයන් රුපියල් 400, 500 බැගින් මුදල් ගෙවා දෙල්ගෙඩි මිලදී ගනු ලැබූ අයුරුද දැකගත හැකිවිය.
දෙල්ගෙඩියක මිල රුපියල් 500 දක්වා ඉහළ ගොස් තිබීම පිළිබඳව නිට්ටඹුව සතිපොළේ දෙල් අලෙවි කළ ව්‍යාපාරිකයාගෙන් අපකළ විමසීමකදී දෙල් රැගෙන එනු ලබන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන් බවද දෙල්ගෙඩිවල පවතින හිඟය සහ ප්‍රවාහන වියදම් ඉහළ යාම නිසා දෙල් මිල ඉහළ ගොස් ඇති බවද ඔහු පැවසීය.


