brand logo
logo
“ශිල්පාභිෂේක 2026" හස්ත කර්මාන්ත නිර්මාණ ප්‍රදර්ශනය මහනුවරදී

“ශිල්පාභිෂේක 2026" හස්ත කර්මාන්ත නිර්මාණ ප්‍රදර්ශනය මහනුවරදී

26 September 2026 | ජානක එස් බණ්ඩාර--කුණ්ඩසාලේ


මධ්‍යම පළාත පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ ඇගයීම හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද ‘ශිල්පාභිෂේක 2026’ හස්ත කර්මාන්ත නිර්මාණ තරගාවලිය හා ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) දින මහනුවර සිටි සෙන්ටර් ආයතන පරිශ්‍රයේදී ආරම්භ කෙරිණ.


පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ දේශීය දැනුම, නිර්මාණශීලීත්වය හා දේශීය අනන්‍යතාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත ව්‍යවසායකයින්ගේ දක්ෂතා හඳුනාගැනීම හා ශිල්පීන් දිරිගැන්වීම, ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඇගයීම හා ප්‍රවර්ධනය කිරීම,

නිර්මාණ සඳහා දේශීය හා විදේශීය වෙළඳපොළ අවස්ථා උදා කර දීම වෙනුවෙන් මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී. 


මෙම වැඩසටහන 25, 26, 27 යන තෙදින පුරා පැවැත්වීමට නියමිතයි.

 

More News..