brand logo
logo
විසන්ධි කළ විදුලි සැපයුම යථා තත්ත්වයට

විසන්ධි කළ විදුලි සැපයුම යථා තත්ත්වයට

30 May 2026

ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විසන්ධි කළ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇතැයි ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම පවසයි.


එම සමාගම පැවසුවේ මේ අනුව කොළඹ ඇතුළු ප්‍රදේශ 100කට පමණ විසන්ධි කර තිබූ විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවය.


ජාතික විදුලිබල පද්ධතියේ අසමතුලිතතාවයක් හේතුවෙන් කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට අද (30) විදුලිය විසන්ධි කිරීමට ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගමට සිදුවිය.


වෙසක් පොහොය සහ දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අඩු විදුලි ඉල්ලුම අඩුවීම හේතුවෙන් පද්ධතියේ ඇතිවූ අසමතුලිතතාවය මෙම විසන්ධි කිරීමට හේතුවිය.

 

More News..