බිනර පසළොස්වක පොහෝ දිනය අදයි
26 September 2026
බිනර පසළොස්වක පොහෝ දිනය අදයි
26 September 2026
ශාසනික ඉතිහාසයේ අතිශය වැදගත් හා පූජනීය සිදුවීම් රාශියකට මුල් වූ බිනර පසළොස්වක පොහෝ දිනය අදට (26) යෙදී තිබේ.
මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කුල කාන්තාවන් පන්සිය දෙනෙකු පැවිදිභාවය ලැබීමත් සමඟ භික්ෂුණී ශාසනය ආරම්භ වූයේ අද වැනි දිනක බව ශාසනික ඉතිහාසයේ සඳහන් වේ.
අෂ්ට ගරු ධර්ම පැනවීම, කාන්තාවන්ට පැවිද්ද ලබාදීම සඳහා මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිස කළ ඉල්ලීම බුදුරජාණන් වහන්සේ මුලින් ප්‍රතික්ෂේප කළද, පසුව ආනන්ද හිමියන්ගේ මැදිහත්වීම මත කාන්තාවන් විසින් රැකිය යුතු අෂ්ට ගරු ධර්ම පනවා භික්ෂුණී ශාසනය පිහිටුවීමට අවසර ලබාදී ඇත්තේ අදවන් දිනයකය

