තක්කාලි ගස්යට කුණුවෙයි - රු. 15ටත් දෙන්න බැරිලු
23 July 2025 | නුවන් ආරියවංශ ඇල්ල
තක්කාලි ගස්යට කුණුවෙයි - රු. 15ටත් දෙන්න බැරිලු
23 July 2025 | නුවන් ආරියවංශ ඇල්ල
වෙළෙඳපොලට පැමිණෙන තක්කාලි අස්වනු විශාල ලෙස වැඩිවීම නිසා මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයේ තක්කාලි මිල කිලෝව රුපියල් 15 දක්ව පහතවැටී ගොවීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
ඌව පරණගම, වැලිමඩ,ඇල්ල ,කුඹල්වෙල, උඩුකුඹල්වෙල. හල්පේ. හෙලහල්පෙ,ඇටම්පිටිය, නෙළුව , හාලිඇල ,බණ්ඩාරවෙල ඇතුළු ප්‍රදේශවල මේ දිනවල තක්කාලි නෙලන්නේ නැතිව ගස්යට කුනුවීමට ඉඩ සලසා ඇත්තේ අස්වනු නෙලන්න ගියහොත් ඒ සදහා වැය වන මුදලවත් නොලැබෙන නිසා යැයි සුසුම් හෙළනමින් ගොවීහු පවසති.
පසුගිය කාලයේ තක්කාලි මිල ඉහල ගිය නිසා තක්කාලි වගාවට යෙමුවූ නමුත් මෙවර මිල පහල යාම නිසා වගාවට වැයකළ මුදලක් සොයාගත නොහැකිව අසරණව සිටින බවද ඔව්හු කියති.