වෙසක් පුන් පොහෝ දා ශ්‍රී පාද උඩ මළුවේ පින්කම් රැසක්
30 May 2026
වෙසක් පුන් පොහෝ දා ශ්‍රී පාද උඩ මළුවේ පින්කම් රැසක්
30 May 2026
වෙසක් පුන් පොහෝ දා ශ්‍රී පාද උඩ මළුවේ පින්කම් රැසක්. සිල් සමාදන් වීමට විශාල පිරිසක් ශ්‍රී පාද මළුව වෙත පැමිණෙයි.
වෙසක් පෝය නිමිත්තෙන් ශ්‍රී පාද උඩ මළුවවේ (30) දින අලුයම සිට පින්කම් රැසක් පැවැත්වීමට ශ්‍රී පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , ආචාර්ය බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පියවර ගෙන ඇත.
(30) දින උදෑසන ශ්‍රී පාද උඩ මළුවවේ බුද්ධ පූජාව පැවැත්වීමෙන් අනතුරුව දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටි වන්දනාකරුවන් සිල් සමාදම් කිරිම ශ්‍රී පාද උඩ මළුවේ වැඩ සිටන දොරපනේ සුමනජෝති හිමියන් ඇතුලු මහා සංඝරත්නය විසින් සිදු කරනු ලැබූහ.
2026-2026 ශ්‍රී පාද වන්දනාවාරය (30) දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරන බවත්, (31) දින ශ්‍රී පාද උඩ මළුවවේ පැවැත්වෙන උදෑසන බුද්ධ පූජාව පැවැත්විමෙන් අනතුරුව ශ්‍රී පාද උඩ මළුවවේ තැම්පත් කර ඇති සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන්වලින් කොටසක් රත්නපුර පලාබද්දර මාර්ගයේ සහ කුරුවිට එරත්න මාර්ගයේ පෙරහැර දෙකක් ලෙස පැල්මඩුල්ල ශ්‍රී පාද රජමාහා විහාරස්ථානය දක්ව වැඩම කරවන බවයි ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් කියා සිටියේ.
එදිනම දහවල් ශ්‍රී පාද උඩමළුවවේ පැවැත්වෙන බුද්ධ පුජාවෙන් අනතුරුව තවත් පෙරහැරක් නල්ලතන්නිය දක්වා වැඩම කර එදින පස්වරුවේ නල්ලතන්නිය බගවන්තලාව, බලංගොඩ මාර්ගය ඔස්සේ නල්ලතන්නිය, ලක්ෂපාන, අවිස්සාවේල්ල රත්නපුර හරහා පැල්මඩුල්ල රජමාහා විහාරස්ථානයද දක්වා තවත් පෙරහැරවල් දෙකක් ගමන් ගන්නා බවයි.
මාර්ග 4ක් ඔස්සේ වැඩම කරන ලද ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර තිබූ සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන් සහ ආභරණ එදින රාත්‍රීයේ සිට (01) දින දහවල් දක්වා පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ තැම්පත් කර, එහි ආගමික වතාවන් ගණනාවක් සහ දේව පූජාවන් ගණනාවක් පැවැත්විමෙන් අනතුරුව එදින පස්වරුවේ (06.01) දින ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානය දක්වා එසේ වැඩම කල ශ්‍රීපාද උඩ මළුවේ තැන්පත් කර තිබු සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාව, දේව ආභරණ පෙරහැරකින් වඩම්මවා ශ්‍රි පාද අවාරය අවසන් වන තෙක් එහි තැම්පත් කර තැබෙන බවයි ශ්‍රී පාදස්ථානාධිපති නා හිමියන් වැඩි දුරටත් කියා සිටියේ.

