පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කෙරේ
06 February 2026
පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කෙරේ
06 February 2026
හැටන් පොලිස් කොට්ටාශයට අයත් ගිනිගත්හේන පොල්පිටිය පොලිස් ස්ථානය මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගීත්වයෙන් (06) දින පස්වුරවේ විවෘත කෙරිණ.
පොල්පිටිය පොලිස් ස්ථානය තිබූ ස්ථානයේ ඉඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරය ඉදි කිරිමෙදි එහි කොන්ත්‍රාත්කාර චීන සමාගමේ ඉංජිනේරුවන් කාර්යාලයක් වශයෙන් පවත්වාගෙන ගිය පොල්පිටිය මංසන්ධියේ පිහිටි ගොඩනැගිලි සහ ඉඩම පොලිස් දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීමෙන් අනතුරුව එම ගොඩනැගිලි පොලිස් ස්ථානයක් වශයෙන් නවිකරණය කිරිමෙන් පසු පොලිස් ස්ථානය විවෘත කරනු ලැබූහ.
පොල්පිටිය පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 7කට අයත් පවුල් 2465ක සාමාජිකයන් 7569 දෙනෙකු පොල්පිටිය පොලිසිය මගින් ආවරණය කරනු ලබයි.
පොලිස් ස්ථාන විවෘත කිරිමේ අවස්ථාවට නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි, නුවරඑලිය දිසාව සභා නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, හැටන් කොට්ටාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර මහතා ඇතුලු හැටන් පොලිස් කොට්ටාශයේ සියලුම ස්ථානාධිපතිවරුන් පැමිණ සිටියහ.

