අත්බෝම්බයක් සහ ගිනිඅවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
13 September 2026
අත්බෝම්බයක් සහ ගිනිඅවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
13 September 2026
විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, ජීව අත්බෝම්බයක් සහ BMG වර්ගයේ ජීව පතරොම් 06ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව ඊයේ (12) කඳානේගෙදර, වළකුඹුරමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ගිනිඅවිය ඇතුළු භාණ්ඩ තොගය සොයා ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වළකුඹුරමුල්ල, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.

