නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි
21 February 2026
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කරයි
21 February 2026
දිස්ත්‍රික්ක 02ක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ.
එම ආයතනය සඳහන් කළේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (21) පෙරවරු 08.00 සිට හෙට (22) පෙරවරු 08.00 දක්වා ක්‍රියාත්මක බවයි.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, හඟුරක්කෙත, බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල සහ කන්දෙකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසය.

