සුනාමියෙන් 5,644ක් තවමත් අතුරුදන් - මරණ සහතික දෙන්නත් බැහැ
16 October 2026 | සාලිය කුමාර ගුණසේකර
සුනාමියෙන් 5,644ක් තවමත් අතුරුදන් - මරණ සහතික දෙන්නත් බැහැ
16 October 2026 | සාලිය කුමාර ගුණසේකර
මෙරටට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 5,644 දෙනකු තවමත් අතුරුදන්ව සිටින බැවින් ඔවුන්ට මරණ සහතික නිකුත් කිරීමේ හැකියාවක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ සහකාර අධ්යක්ෂ (මාධ්ය) ජානක හඳුන්පතිරාජ පැවසුවේය.
ආපදා සූදානම, ඔරොත්තුදීමේ හැකියාව ආදී කරුණු පිළිබඳව මාධ්ය දැනුවත් කිරීම සඳහා ජනමාධ්ය අමාත්යාංශයේ සංවිධානත්වයෙන් ශ්රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (15 වැනිදා) පැවැති වැඩමුළුවකදී ඔහු මේ බව කියා සිටියේය.
2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා මෙරටට බලපෑ සුනාමි තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 30,959 ක් මියගොස්, තවත් පුද්ගලයන් 5,644ක් අතුරුදන්වූ බවද ඔහු කීවේය.

