රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණයට GovHR එළිදක්වයි
27 September 2026
රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණයට GovHR එළිදක්වයි
27 September 2026
රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණය යාවත්කාලීන කරමින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රමවත් කිරීමේ වැඩසටහනක් ලෙස GovHR පද්ධතිය නිල වශයෙන් එළිදක්වා තිබේ.
ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
පසුගියදා එළිදක්වා ඇති මෙම පද්ධතිය මගින් රාජ්‍ය ආයතනවල සේවය කරන සමස්ත රාජ්‍ය සේවකයින්ගේ තොරතුරු, සේවා කළමනාකරණය සහ මානව සම්පත් පරිපාලන කටයතු ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ක්‍රමවත් කරනු ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේය.
අමාත්‍යාංශය පැවසුවේ සාම්ප්‍රදායික කඩදාසි මත පදනම් වූ පද්ධති හේතුවෙන් සිදුවන ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතාවයන් අවම කරමින්, රාජ්‍ය සේවකයින්ගේ බඳවා ගැනීම්, ස්ථීර කිරීම්, උසස්වීම්, ස්ථාන මාරු, දේශීය හා විදේශීය පුහුණු දුක්ගැනවිලි කළමනාකරණය, කාර්ය සාධන ඇගයීම් සහ විශ්‍රාම ගැන්වීම් දක්වා වූ සමස්ත මානව සම්පත් ක්‍රියාවලියම තනි මධ්‍යගත ඩිජිටල් පද්ධතියක් යටතට ගෙන එම මෙහි අරමුණ බවය.
එමෙන්ම මෙම තොරතුරු ඊට අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන සමගද සෘජුව සම්බන්ධ කිරීමට කටයුතු යොදා ඇති බවද අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.
මෙම පද්ධතිය මගින් සමස්ත රාජ්‍ය සේවය තුළම විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ වගවීම තහවරු වන අතර ආයතනික හා ජාතික ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී නිවැරදි දත්ත මත පදනම් වූ පසුබිමක් නිර්මාණය වන බවද අමාත්‍යාංශ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

