brand logo
logo
LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද

LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද

19 July 2026


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග දෙකක් අද (19) දින‌යේ පැවැත්වීමට නියමිතයි.


ඒ අනුව පළමු තරගය දඹුල්ල සික්සර්ස් කණ්ඩායම සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබේ.


එම තරගය කොළඹ SSC පිටියේදී අද පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතයි.


අද දිනයේ දෙවැනි තරගය කලම්බෝ කැප්ස් කණ්ඩායම කැන්ඩි රෝයල්ස් කණ්ඩායම අතර ද පැවැත්වීමට නියමිතව තිබේ.


එම තරගය ද කොළඹ SSC පිටියේදී රාත්‍රී 7.30ට ආරම්භ කිරීමට නියමිතයි.

 

More News..