brand logo
logo
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් - ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් - ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන

20 September 2026


ඇද හැළෙන අධික වැසි හමුවේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.


ඒ අනුව ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කිරීමටත් තවත් ප්‍රදේශ කිහිපයක් සඳහා අවධානයෙන් සිටින ලෙසත් දන්වා ඇත.


මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 2 සිට හෙට පස්වරු 2 දක්වා ක්‍රියාත්මක බවද එම සංවිධානය සඳහන් කළේය.


ඒ අනුව අදාළ දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,


රතු නිවේදන දන්වා ඇති ප්‍රදේශ (ඉවත් වන්න)


මහනුවර - පස්බාගේ කොරළය

කෑගල්ල - දෙහිඕවිට, අරණායක, දැරණියග, මාවනැල්ල, යටියන්තොට

නුවරඑළිය - කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර


අවධානයෙන් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ


කොළඹ - පාදුක්ක

ගාල්ල - නාගොඩ, තවලම, නෙළුව

කළුතර - අගලවත්ත, බුලත්සිංහල, පාලින්දනුවර, වලල්ලාවිට

මහනුවර - ගඟ ඉහළ කොරළය

කෑගල්ල - බුලත්කොහුපිටිය, කෑගල්ල‍

මාතර - අකුරැස්ස, පිටබැද්දර

රත්නපුර - රත්නපුර, අයගම, කුරුවිට, පැල්මඩුල්ල

නුවරඑළිය - තලවකැලේ


විමසිලිමත්භවින් සිටින ලෙස දන්වා ඇති ප්‍රදේශ


කොළඹ - සීතාවක

ගාල්ල - නියගම, බද්දේගම

ගම්පහ - මීරිගම

කළුතර - ඉංගිරිය

මහනුවර - උඩපලාත, යටිනුවර

කෑගල්ල - ගලිගමුව, වරකාපොල, රුවන්වැල්ල

මාතර - කොටපොල, පස්ගොඩ, අතුරලිය

රත්නපුර - ඇහැලියගොඩ, කලවාන, ඇලපාත

 

More News..