brand logo
logo
පාන් ගෙඩියටත් QR පොල්ලක්

පාන් ගෙඩියටත් QR පොල්ලක්

17 March 2026 | හේෂාර සේනාල් සෝමරත්න - අනුරාධපුර

බේකරි නිෂ්පාදන කටයුතු සඳහා කිව්.ආර්. කේතය (QR) මගින් බූලිවලට ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොතිබීම නිසා බේකරි හිමියන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවැසීය. බේකරි ක්ෂේත්‍රයේ උඳුන් බොහොමයක් ක්‍රියාත්මක වන්නේ ඩීසල්වලින් බවත්, අනෙකුත් ක්ෂේත්‍රවල විවිධ පාර්ශ්වයන් සඳහා රජය මගින් ඉන්ධන ලබාදීමේ ක්‍රමවේද සකස් කළ ද බේකරි හිමියන් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවීම කනගාටුවට කරුණක් බවත් ඔහු කීවේය. මේ සඳහා නිසි පිළියමක් ඉදිරියේදී රජය මගින් ලබා නොදෙන්නේ නම් එයින් ද අපහසුතාවට පත් වන්නේ ජනතාව බවත්, බේකරි නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකිව හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇතිවීම වැළැක්විය නොහැකි බවත් ඔහු කියා සිටියේය.


මේ සඳහා රජයේ විසඳුම කුමක්ද යන්න පිළිබඳ විමසීම සඳහා වෙළෙඳ, වාණිජ, සමූපකාර සහ ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ ජංගම දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට කිහිප වරක් උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

 

More News..