brand logo
logo
චීනයේ හැලොවින් සැමරුම් අතරතුර ආරක්ෂාව තර කෙරේ

චීනයේ හැලොවින් සැමරුම් අතරතුර ආරක්ෂාව තර කෙරේ

06 November 2026


හැලොවින් සැමරුම් උත්සව අතරතුර චීනනයේ බෙයිජිං, ෂැංහයි සහ හැංජෝ යන නගර පුරා ආරක්ෂාව තර කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


ඒ, චීනයේ පවතින ආර්ථික, රැකියා සහ රාජ්‍ය ප්‍රතිපත්ති කෙරෙහි පවතින ගැටලු පිළිබඳ තරුණ තරුණියන් විශාල පිරිසක් හැලොවින් සැමරුම් උත්සව අතරතුර විවිධ වේශ නිරූපණයන් භාවිත කිරීම හේතුවෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ජනතාව වැඩි වශයෙන් රැස්වන ස්ථාන අවට විශාල වශයෙන් පොලිස් නිලධාරීන් යොදවා තිබූ බවය.


එමෙන්ම ඇතැම් විනෝදාස්වාද සංකීර්ණ තුළ හැලොවින් නිරූපණ ඇඳුම්, මුහුණු ආවරණ, වේශ නිරූපණ සහ අමතර සැරසිලි භාවිත කිරීම කෙරෙහි සීමා පැනවීමටද කටයුතු කර තිබූ බව පැවසෙයි.

 

More News..