brand logo
logo
මරණ දණ්ඩනය දී තිබූ ඉන්දියානුවන්ට නිදහස

මරණ දණ්ඩනය දී තිබූ ඉන්දියානුවන්ට නිදහස

12 February 2024

මරණ දණ්ඩනය නියම කර සිටි හිටපු ඉන්දීය නාවික නිලධාරීන් 08 දෙනාව නිදහස් කිරීමට කටාර් අධිකරණයක් නියෝග කර තිබේ.


ඔවුන්ට එල්ලකර තිබූ චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් වාර්තා නොවීය. 

ඉන්දීය විදේශ අමාත්‍යංශය පැවසුවේ නිදහස ලැබූ 7 දෙනෙක් මේ වනවිට ඉන්දියාවට පැමිණ ඇති බවයි.


පසුගිය ජනවාරි මාසයේදී ඔවුන්ට එරෙහිව දී තිබූ දඬුවම බන්ධනාගාර ගත කිරීමක් ලෙස වෙනස් කළේය.


කටාරයේ පිහිටි "Dahra Global"නම් පෞද්ගලික සමාගමක ඔවුන් සේවය කරමින් සිටියේය.

ඔවුන්ව අත්අඩංගුවට ගැනුණේ හෝ අධිකරණයෙන් දඬුවම් දුන්නේ කුමන චෝදනාවකට ද යන්න සම්බන්ධයෙන් කටාරය හෝ ඉන්දියාව කරුණු පැහැදිලි කර නොමැත.


නමුත් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණේ ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාව ඔවුන්ට එරෙහිව එල්ලකර තිබූ බවයි.

 

More News..