ලාෆ්ස්වලින් තේ බිව්වොත් ගාණ වැඩියි
07 May 2026
ලාෆ්ස්වලින් තේ බිව්වොත් ගාණ වැඩියි
07 May 2026
ලාෆ්ස් ගෑස් භාවිතයෙන් ආපනශාලා පවත්වාගෙන යන වෙළෙඳසැල්වල ප්ලේන් ටී සහ කිරි තේ මිල ගණන් ඉහළ නංවා තිබේ.
ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ එවැනි වෙළෙඳසැල් 25 % - 30% ත් අතර ප්‍රමාණයක් පවතින අතර, ඔවුන්ට ලාෆ්ස් ගෑස් මිල දරා ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවය.
ඒ අනුව ලාෆ්ස් භාවිතයෙන් පවත්වාගෙන යනු ලබන වෙළෙඳසැල්වල ප්ලේන් ටී එකක් රු 5කින් සහ කිරි තේ එකක් රු 10කින් ඉහළ නංවා තිබේ.
මේ අතර කෙටි ආහාර වර්ග රු 5කින් ඉහළ නංවා ඇති අතර, බිත්තර රොටිවල සහ පරාටාවල මිල වැඩිවීමක් නොමැති බවද හර්ෂණ රුක්ෂාන් මහතා අවධාරණය කළේය.

