brand logo
logo
දඹුල්ල නගරයේ රථවාහන සැලැස්මක්

දඹුල්ල නගරයේ රථවාහන සැලැස්මක්

31 May 2026

දඹුල්ල පොලිස් වසමේ පැවැත්වෙන වෙසක් කලාපය නැරඹීම සඳහා දඹුල්ල නගරය වෙත විශාල ජනතාවක් පැමිණීම හේතුවෙන් ඇති වන මාර්‌ග තදබදය අවම කර ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබයි.


එය සවස 03 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මකවනබව දැනුම් දී තිබේ.

ඒ අනුව, 

අනුරාධපුර සහ හබරණ දෙස සිට නුවර - මාතලේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන දඹුල්ල බස් නැවතුම්පල අසල ඇති නාමල් උයන මාර්ගයෙන් ආර්ථික මධ්‍යස්ථානය පිටුපස මාර්ගය හරහා ගොස් ඇනෝන් හන්දියෙන් නැවතප්‍රධාන මාර්ගයට පිවිස නුවර - මාතලේ දෙසට ගමන් කල හැකිය.

මාතලේ - නුවර දෙස සිට පැමිණෙන බර වාහන පන්නම්පිටිය හන්දියෙන් ඇතා බැඳි වැව මාර්ගයෙන් තලකිරියාගම හන්දියට ගොස් නැවත කුරුණෑගල මාර්ගයේ දඹුල්ල දෙසට ගමන් කල හැකිය.

මාතලේ - නුවර දෙස සිට පැමිණෙන මගී ප්‍රවාහන බස් රථ, යතුරුපැදි සහ සැහැල්ලු වාහන මාතලේ - දඹුල්ල මාර්ගයේ ගමන් කිරීමට හැකියාව ඇත.

බකමුණ දෙස සිට පැමිණෙන වාහන කණ්ඩලම හන්දිය අසල ඇති සිව්මහන්දියෙන් (හතරමං හන්දියෙන්) වම් පසට ඇති මාර්ගයෙන් නැවත නුවර මාතලේ ප්‍රධාන මාර්ගයට පිවිසීමට හැකියාව ඇත.

ඉහත කාලසීමාව තුල සඳහන් කර ඇති විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියැදුරන්ගෙන් හා මහජනතාවගෙන් පොලීසිය ඉල්ලා සිටියි.

වෙසක් කලාපය පසුගිය 27 වනදා ආරම්භ වූ අතර එය එළැඹෙන ජූනි මස 02 වෙනිදා දක්වා පැවැත්වෙන බව සඳහන්වේ.


 

More News..