22 වන සංශෝධනයට එරෙහිව Free Lawyers සංවිධානයෙනුත් පෙත්සමක්
18 August 2026
22 වන සංශෝධනයට එරෙහිව Free Lawyers සංවිධානයෙනුත් පෙත්සමක්
18 August 2026
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව Free Lawyers සංවිධානය අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවටත්, එය සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවටත් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එම සංවිධානයේ සභාපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත

