brand logo
logo
 කොළඹ උද්ධමනය ඉහළට

කොළඹ උද්ධමනය ඉහළට

30 April 2026

කොළඹ නාගරික ප්‍රජාවගේ අප්‍රේල් මාසයේ‍ පාරිභෝගික උද්ධමන අනුපාතය සියයට 5.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.


එය පසුගිය මාර්තු මාසයේ සියයට 2.2ක් ලෙස වාර්තා වූ බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

2026 අප්‍රේල් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සියයට 2.8ක් දක්වා වැඩිවී ඇති අතර 2026 මාර්තු මාසයේදී එය වාර්තා වූයේ සියයට 0.7ක් ලෙසිනි. 


එමෙන්ම, 2026 අප්‍රේල් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) සියයට 6.8ක් දක්වා ඉහළ ගොස් ඇත. 


2026 මාර්තු මාසයේදී එය සියයට 2.9ක් ලෙස වාර්තා විය.



 

More News..