brand logoaward badge
අමෙරිකාව සිය රට සහ අනෙකුත් රටවල් අතර අසමගිය වපුරන බව චීනය කියයි

අමෙරිකාව සිය රට සහ අනෙකුත් රටවල් අතර අසමගිය වපුරන බව චීනය කියයි

26 December 2025

අමෙරිකාව සිය ආරක්ෂක ප්‍රතිපත්තිය විකෘති කරන බවත්, සිය රට සහ අනෙකුත් රටවල් අතර අසමගිය වපුරන බවත් චීනය චෝදනා කරයි.


ඒ අනුව අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට, සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට සහ ඉන්දියාව සමග මනා ලෙස කටයුතු කිරීමටත් චීනය සූදානම් බව එරට විදේශ අමාත්‍යංශය පවසයි.


චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා මාධ්‍ය ඉදිරියේ වැඩිදුරටත් පවසා ඇත්තේ චීනය ඉන්දියාව සමග ඇති සබඳතා උපායමාර්ගික වටිනාකමකින් සහ දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් සලකන බවය.


මෙහිදී චීනය තවදුරටත් අවධාරණය කර ඇත්තේ, අමෙරිකාවේ පදනම් විරහිත සහ වගකීම් විරහිත අදහස් දැක්වීම්වලට චීනය විරුද්ධ බවය.

 

More News..