කළුතරට පැය 8ක ජල කප්පාදුවක්
06 October 2026
කළුතරට පැය 8ක ජල කප්පාදුවක්
06 October 2026
කළුතර ප්‍රදේශ කිහිපයකට අනිද්දා (08) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකෙරේ.
ඒ අනුව, ඔක්තෝබර් 08 වැනිදා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කළුතර, වාද්දුව, වස්කඩුව, මොරොන්තුඩුව සහ පිළමිනාවත්ත යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
ජල සැපයුම අත්හිටුවීමෙන් සිදුවන අපහසුතාව පිළිබඳව කණගාටුව පළ කරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ඒ සඳහා අවශ්‍ය ජලය රැස්කර තබා ගන්නා ලෙසත්, එම ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

