brand logo
logo
මහින්දානන්ද අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

මහින්දානන්ද අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ

16 May 2025

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (16) වරෙන්තු නිකුත් කළාය.


චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත්කර ඇත.


අල්ලස් කොමිසම අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් , අල්ලස් පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


තමන් අත්අඩංගුවට පත්වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතා අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර පෙරේදා දින අල්ලස් කොමිසම මෝෂමක් ගොනුකරමින් අදාල පෙත්සමට කරුණු ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


එම ඉල්ලීම සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේත්‍රාත්වරිය නියෝග කර සිටියේ අදාළ ඉල්ලීමයි ලබන සඳුදා (19)ඉදිරිපත් කරන ලෙසය.


කෙසේ වෙතත් අද (16) දින විශේෂ මෝෂමක් ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම අල්ලස් පනතේ විවිධානාන ප්‍රකාරව වරෙන්තු නිකුත් කරන ලෙස කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසුව මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

 

More News..