brand logo
logo
 කොළඹ – නුවර මාර්ගයේ වෑන් රථයක් ලංගම බසයක ගැටී බිහිසුණු අනතුරක් - තිදෙනෙකු මරුට

කොළඹ – නුවර මාර්ගයේ වෑන් රථයක් ලංගම බසයක ගැටී බිහිසුණු අනතුරක් - තිදෙනෙකු මරුට

07 November 2026


කොළඹ - නුවර මාර්ගයේ වරකාපොළ මාහේන ප්‍රදේශයේ අද (07) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.


ඉන් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වනවිට වරකාපොළ රෝහලේ ප්‍රතිකර ලබන සඳහන්ය.


මෙම අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් මිය ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.


කොළඹ දෙස සිට නුවර දෙසට ගමන් කළ වෑන් රථයක් තවත් වාහනයක් පසු කිරීමට උත්සහ කළ අවස්ථාවේදී නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.


අනතුරු සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන් රථයේ රියදුරු තුවාල ලබා ඇති බව සඳහන්ය. 


 

More News..