අධ්‍යාපනවේදි උපාධිධාරින්ගේ ගුරු පත්වීම් ගැන විශේෂ සාකච්ඡාවක් හෙට
25 May 2026
අධ්‍යාපනවේදි උපාධිධාරින්ගේ ගුරු පත්වීම් ගැන විශේෂ සාකච්ඡාවක් හෙට
25 May 2026
උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ අධ්‍යාපනවේදී උපාධිධාරී සංගමයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, රාජ්‍ය විශ්වවිද්‍යාවල 2018/19 සහ 2019/20 අධ්‍යයන වර්ෂයන්ට අදාළ ඔවුන් ගුරු සේවයට බඳවා නොගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙනි.
එම සංගමය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යස්ථාවේ ගුරු බඳවාගැනීමේ පටියට අනුව ඔවුන් ගුරු සේවයේ 2.2 ශ්‍රේණියට සමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සහ ප්‍රායෝගික පරීක්ෂණයෙන් පමණක් බඳවා ගත යුතු බවය.
කෙසේවෙතත් මෙම කණ්ඩායම් මේ වන තුරු ගුරු සේවයට බඳවාගෙන නොමැති අතර පැහැදිලි ක්‍රියාමාර්ගයක් ද ගෙන නැත.
මේ සම්බන්ධයෙන් පෙබරවාරි 10 වෙනිදා අග්‍රාමාත්‍යවරිය සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ අනුව මාර්තු මස තුන්වෙනිදා අමාත්‍ය මණ්ඩල තීරණය අනුව සෙසු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ ක්‍රියාවලියට සමගාමීව අධ්‍යාපනවේදි උපාධිධාරීන් බඳවා ගැනීමට කටයුතු කළ යුතුය.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් පළාත් සභා වෙත යොමු කර තිබුණ ද එම සභා විසින් ප්‍රකාශ කර ඇත්තේ, පැහැදිලි බඳවාගැනීම් ප්‍රමාණයක් එම ලිපියේ සඳහන්ව නොමැති බවය.
එමෙන්ම වර්තමාන ගුරු බඳවාගැනීම් 23,000 ප්‍රමාණයට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවාගත නොහැකි බවට ද පළාත් සභාව ප්‍රකාශ කර ඇති බව වැඩිදුරටත් සඳහන්ය.

