Best News Website award
brand logo
logo
 කුවේටයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු මරුට

කුවේටයට එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු මරුට

26 November 2026


ඉරානය විසින් අද (26) කුවේටය වෙත එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඉතාලි ජාතිකයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


ඉතාලි ANSA ප්‍රවෘත්ති ඒජන්සිය තහවුරු කළ තොරතුරුවලට අනුව, මියගොස් ඇත්තේ කුවේටයේ ජර්මානු සමාගමක සේවය කළ කාර්මික ශිල්පීන් දෙදෙනෙකි.


අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කුවේට් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, ඉතාලි ජාතිකයන් දෙදෙනා ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි.


පසුව සිදුකළ විමර්ශනවලදී අනෙක් තුවාලකරුවන් දෙදෙනා කුවේට් සහ පාකිස්තාන ජාතිකයන් බවට හඳුනාගෙන තිබේ.


මේ අතර, කුවේට් ගුවන් සීමාවට ඇතුළු වූ ඩ්‍රෝන යානා කිහිපයක් හඳුනාගෙන ඒවා ව්‍යර්ථ කිරීමට ආරක්ෂක හමුදා සමත් වූ බවද එරට ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක පියවරක් ලෙස කුවේට් ගුවන් සීමාව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.


එම තත්ත්වය හේතුවෙන් යුරෝපයේ සිට ඉරාකය හරහා ගල්ෆ් කලාපය වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානා රැසක ගමන් මාර්ග වෙනස් කිරීමට සිදුව ඇති බවද වාර්තා වේ.

 

More News..