වසරේ ආරම්භයේ සිට මේ දක්වා නිතීවිරෝධී ගිනිඅවි 891ක් පොලිස් භාරයට
29 September 2026
වසරේ ආරම්භයේ සිට මේ දක්වා නිතීවිරෝධී ගිනිඅවි 891ක් පොලිස් භාරයට
29 September 2026
වසරේ ආරම්භයේ සිට සැප්තැම්බර් මාසය දක්වා නීතිවිරෝධී මුළු ගිනිඅවි 891ක් පොලිස් භාරයට ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනි දින දක්වා ටී 56 ගිනි අවි 14ක්, පිස්තෝල අවි 33ක් සහ රිවෝල්වර 25ක් ඇතුළු සමස්ත ගිනිඅවි 891ක් පොලිස් නිලධාරීන් භාරයට ගෙන ඇති බවය.
එමෙන්ම පසුගිය වසරේ සිදුකළ මෙහෙයුම් මගින් ටී 56 ගිනිඅවි 74ක් ඇතුළුව මුළු අවි 2,404ක් නිලධාරීන් භාරයට ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ වසරේ ආරම්භයත් සමග මේ දක්වා සංවිධානාත්මක වෙඩි තැබීම් 35ක් වාර්තා වී ඇති බවත් සමස්ත සිදුවීම් 40ක් වාර්තා වී ඇති බවත්ය.
එමෙන්ම මෙම වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 22කු මිය ගොස් ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

