brand logo
logo
 තවත් සද්ධන්තයෙකු මිය යයි - එක් දළයක් අතුරුදන්

තවත් සද්ධන්තයෙකු මිය යයි - එක් දළයක් අතුරුදන්

01 November 2026


කහටගස්දිගිලිය, මීමින්නාවල ප්‍රදේශයේ කායන්ගොල්ලෑව වැවට යාබඳ කුඹුරක් ආසන්නයේ පිහිටි කැලෑබඳ කොටසක තිබී වන ඇතකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.


කහටගස්දිගිලිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වන ඇතාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර, සොයා ගන්නා අවස්ථාව වන විට ඇතාගේ වම්පස දළය නොමැති බව නිරීක්ෂණය වී තිබේ.


ඇතාගේ වම් දළය කිසියම් පුද්ගලයකු විසින් කාපාගෙන ගොස් ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරන අතර, ඇතා මියගොස් යම් කාලයක් ගතවී ඇති බවට ද සැක කෙරේ.


සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය වනජීවී කාර්යාලය, දිවුල්වැව පොලීසිය සහ යුද හමුදාව එක්ව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.


 

More News..