brand logo
logo
එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

12 July 2026


2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට එංගලන්තය සමත්ව තිබේ. 


ඒ අර්ධ අවසන් පූර්ව වටයේ පැවති තරගයෙන් නෝර්වේ කණ්ඩායම ගෝල දෙකට එකක් ලෙස පරාජයට පත්කරමිනි. 


තරගයේ 36 වන විනාඩියේදී නෝර්වේ කණ්ඩායම වෙනුවෙන් ඇන්ඩ්‍රෙස් ෂේලඩරජ් ගෝලයක් ලබා ගත්තේය. 


එංගලන්තය වෙනුවෙන් ජූඩ් බෙලිංහැම් 47 වන විනාඩියේදී ගෝලයක් ලබාගැනීමට සමත්විය. 


ඒ අනුව නියමිත කාලය තුළ කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබාගෙන සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය කිරීම සඳහා අතිරේක කාලයක් ලබාදීමට තරගයේ විනිසුරුවරුන් කටයුතු කළහ. 


එම කාලය ප්‍රයෝජනයට ගත් ජූඩ් බෙලිංහැම් තවත් ගෝලයක් වාර්තා කරමින් එංගන්ත කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා රැගෙන ගියේය. 


ඒ අනුව මොක්සිකෝව සහ ස්විස්ටර්ලන්තය අතර පැවැත්වෙන තරගයේ ජයගන්නා කණ්ඩායම සහ එංගලන්තය අතර අවසන් පූර්ව තරගය ලබන 15 වෙනිදා පැවැත්වීමට නියමිතය. 

 

More News..