ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට පියවර
18 January 2025
ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට පියවර
18 January 2025
මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදන ධාරිතාවය සීඝ්‍රයෙන් වර්ධනය කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රාජ්‍ය ඖෂධ සංස්ථාවට උපදෙස් ලබාදී තිබේ.
ඒ රත්මලාන පිහිටි ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ (SPMC) කටයුතු පිළිබඳව කරුණු සොයා බැලීමේ වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතාවගේ ප්‍රතිකාර කටයුතු සඳහා රෝහල් පද්ධතියට මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග අඛණ්ඩව සැපයීම විවිධ කරුණු නිසා වර්තමානයේ අභියෝගයක් වී ඇති බැවින් මෙම කඩිනම් පියවර ගන්නා බවයි.