ශිෂ්‍යත්ව විභාගයේදී අසාධාරණයක් වූ බවට දෙමාපියන්ගෙන් පොලීසියට පැමිණිල්ලක්
10 August 2026
ශිෂ්‍යත්ව විභාගයේදී අසාධාරණයක් වූ බවට දෙමාපියන්ගෙන් පොලීසියට පැමිණිල්ලක්
10 August 2026
ඊයේ පැවති 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී තම දරුවන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් දෙමාපියන් පිරිසක් කිරිඳිවැල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
කිරිඳිවැල බෝගහවත්ත ජිනානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් පිරිසක් කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී විභාගයට පෙනී සිටි අවස්ථාවේදී මෙම අසාධාරණය සිදුව ඇති බවට දෙමාපියෝ චෝදනා කරති.
ඔවුන් පවසන්නේ පෙරවරු 11.15ට ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රය තම දරුවන්ට ලබාදී ඇත්තේ පෙරවරු 11.30ට බවයි.
එමෙන්ම, අදාළ ප්‍රශ්න පත්‍රය පස්වරු 12.15ට යළි එකතු කිරීම හේතුවෙන් තම දරුවන්ට විභාගය සඳහා නියමිත කාලයෙන් පැය භාගයකට ආසන්න කාලයක් අහිමි වූ බවද දෙමාපියෝ පවසති.
මේ හේතුවෙන් තම දරුවන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව පවසන දෙමාපියන් ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිති.
මේ අතර, ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ දෙමාපියන් සමඟ සාකච්ඡා කර ඇති නමුත්, එහිදී කිසිදු විසඳුමක් නොලැබුණු බැවින් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඔවුහු සඳහන් කළහ.

