කඳානේ ගින්නකින් පුද්ගලයෙක් මරුට
08 August 2023
කඳානේ ගින්නකින් පුද්ගලයෙක් මරුට
08 August 2023
කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද (08) උදෑසන හටගත් ගිනෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 50ක් වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
ගින්න හටගත් අවස්ථාවේ දී එම ආයතනයේ ගණකාධිකාරිවරයා ගබඩාව තුළ සිට ඇති අතර ඔහු ගින්නට හසුව එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
හදිසි ගින්නෙන් පසු සිසු සිසුවියන් 50 ක් පමණ රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බව වාර්තා වේ.
කඳාන වීදි මාවත ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ හමුදාව මේ වනවිටත් එම ස්ථානයට පැමිණ සිටින බව වාර්තා වේ.