brand logo
logo
  ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඝන මීදුම් තත්ත්වයක්

ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඝන මීදුම් තත්ත්වයක්

09 November 2026 | ජයන්ත වීරසේකර


වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගය අවට ප්‍රදේශවලට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාපතනයත් සමග ඊයේ රාත්‍රී සහ අද(09) අලුයම් කාලයේ ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඝන මීදුම් තත්වයක් ඇති වී තිබේ.


ඇල්ල වැල්ලවාය මාර්ගය දැඩි බෑ‍වුම් සහ ප්‍රපාත වලින් සමන්විත මාර්ගයක් වන අතර මෙලෙස වර්ෂාපතනය සහ මීදුම් සහිත අවස්ථා වල රථ වාහන වල ලාම්පු දල්වා ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙස පොලිසීය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.


 

More News..