brand logo
logo
විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19764ක් දැලේ

විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය පැදවූ 19764ක් දැලේ

08 October 2026 | එෆ්. අස්ලම්/ නිර්මාණි තිලකසිරි

මෙම වසරේ ගතවූ කාලයේදී විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කළ රියැදුරන් 19764දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න පැවසීය.


ඒ අනුව මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට ඔක්තෝබර් මස 05 වැනිදා දක්වා කාලයේදී සිදුකළ රථවාහන පරීක්ෂා කිරීම්වලදී මෙලෙස විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කළ රියැදුරන් හඳුනාගෙන ඇත. එමෙන්ම එම කාලය තුළදී බීමත්ව රිය ධාවනය කළ රියැදුරන් 82458දෙනකුට එරෙහිව ද නඩු පැවරීමට කටයුතු කර ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.


කෙසේ වෙතත් ඒ මහතා අවධාරණය කරන්නේ බීමත්ව රිය ධාවනය නිසා සිදුවන රිය අනතුරුවලට සාපේක්ෂව විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනයේදී සිදුවන අනතුරු සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

 

More News..