නාවලපිටියේ සාදයක් වටලා තරුණයන් 12ක් අත්අඩංගුවට
11 October 2026
නාවලපිටියේ සාදයක් වටලා තරුණයන් 12ක් අත්අඩංගුවට
11 October 2026
නාවලපිටිය, සමනලගම, සුදුගල ඇල්ල අසල පිහිටි කුලී පදනම මත කාමර ලබාදෙන ස්ථානයක පැවැත්වීමට සූදානම් කර තිබූ සාදයක් වටලා තරුණයන් 12දෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල තරුණයන් එක්රැස් කර නාවලපිටිය ප්‍රදේශයේ තරුණයෙකු විසින් මෙම සාදය පැවැත්වීමට සූදානම් කර ඇති බවට නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත මෙම හදිසි වැටලීම සිදුකර ඇත.
එහිදී අදාළ ස්ථානයේ කුලී පදනම මත ලබාගෙන තිබූ කාමර දෙකක් තුළ සිටි තරුණයන් 12දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් තරුණයන් වයස අවුරුදු 18ත් 25ත් අතර පසුවන කටුනායක, දියසෙන්පුර, මීගමුව සහ මැදිරිගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.
සැකකරුවන් සන්තකයේ තිබී හෂීෂ් මිලිග්‍රෑම් 490ක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 140ක්, කොකේන් මිලිග්‍රෑම් 320ක්, හෂීෂ් සුරුට්ටු සහ තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම්වැටි සොයාගෙන ගත් බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

