brand logo
logo
සිම්බාබ්වේට ලකුණු 255ක දැවැන්ත ඉලක්කයක්

සිම්බාබ්වේට ලකුණු 255ක දැවැන්ත ඉලක්කයක්

23 February 2026


විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ බටහිර ඉන්දීය කොදෙව් සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 254ක් රැස්කිරීමට සමත් විය.


කොදෙව්වන් රැස්කළ මෙම ලකුණු සංඛ්‍යාව සැලකෙන්නේ 20යි 20 ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසය.


එහි වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකාව 2007 වසරේ දී කෙන්යාවට එරෙහිව ලකුණු 260ක් රැස්කර තිබේ.


තරගයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුයැවීමට තීරණය කළේය.


බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ෂිම්රොන් හෙට්මියර් පන්දු 34ක් තුළ හතරේ පහරවල් 7ක් සහ හයේ පහරවල් 7ක් සමඟින් ලකුණු 85ක් රැස්කළේය.


රොව්මන් පවෙල් පන්දු 35ක් තුළ හතරේ පහරවල් 4ක් සහ හයේ පහරවල් 4ක් සමඟින් ලකුණු 59ක් රැස්කළේය.


පන්දු යැවී‍මේදී සිම්බාබ්වේ කණ්ඩායමේ රිචඩ් නගාරව සහ බෙලෙසින් මුසරබානි කඩුලු 2 බැගින් දවාගත්හ.


මෙම කණ්ඩායම් දෙකම මූලික වටයේ අපරාජිතයන් ලෙස සිටීමත් විශේෂත්වයකි.

 

More News..