brand logo
logo
නුවරඑළිය සංචාරක හෝටලයකින්  කිලෝ 125ක නත්තල් කේක් ගෙඩියක්

නුවරඑළිය සංචාරක හෝටලයකින් කිලෝ 125ක නත්තල් කේක් ගෙඩියක්

07 November 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්


නුවරඑළිය බ්ලැක්ෆූල් සංචාරක හෝටලයෙන් එළබෙන නත්තල් දිනය නිමිත්තෙන් කිලෝ 125ක නත්තල් කේක් ගෙඩියක් සදහා කේක් මිශ්‍රණය සකස් කිරීම ඊයේ (06) දින පස්වරුවේ එම හෝටල් පරිශ්‍රෙය්දි සිදු කෙරිණ.


එම හෝටලයේ විධායක සුපවේදි ගාමිණි වැවගේ ඇතුලු එම සුපවේදින් ගණනාවක් සහ එම හෝටලයට පැමිණ සිටි සංචාරකයන් විශාල පිරිසක් එක්ව නත්තල් කේක් ගෙඩියේ මිශ්‍රණය සකස් කිරීම සිදු කෙරිණ.


මෙම නත්තල් කේක් ගෙඩිය දෙසැම්බර් 15 දින බේක් කිරිම ආරම්භ කර නත්තල් කේක් ගෙඩිය දෙසැම්බර් මස 24 දින මධ්‍යම රාත්‍රීයේ නත්තල උදාවීමත් සමග දෙස් විදෙස් සංචාරකයන්ට රස විදීමට අවස්ථාව ලබා දෙන බව එම හෝටලයේ නේවාසික කලමණාකාර තිලාන් ගමගේ කියා සිටියේ.



 

More News..