brand logo
logo
මොරටුවේ ගින්නක්

මොරටුවේ ගින්නක්

26 April 2026

මොරටුව ගාළු පාර කොරලවැල්ල ප්‍රදේශයේ වඩු මඩුවක අද (26) දහවල් ඇතිවූ ගින්නකින් එම වඩු මඩුව සහ ඒ අසල පිහිටි නිවසක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.


එගොඩ උයන පොලීසිය පැවසුවේ ගින්නෙන් කිසිදු කෙනෙකුට තුවාල වී හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවය.


මොරටුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවා දැමීමට කටයුතු කර ඇත.


ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.


එගොඩ උයන පොලීසිය ඉදිරි පරීක්ෂණ පවත්වයි.


 

More News..