brand logo
logo
විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව පළමු වරට රැස්වෙයි

විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව පළමු වරට රැස්වෙයි

11 September 2026

විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ඩිජිටල් පරිවර්තන කමිටුව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පළමු වරට රැස් විය.


විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.


මීට සමගාමීව විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල කොන්සියුලර් අංශයන්ද ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීම සහ රාජ්‍ය ආයතන කොන්සියුලර් පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීම ඇතුළු කරුණු කෙරෙහිද මෙහිදී අවධානය යොමු විය.


ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් කේ. කේ. ටී. කුමාරසිරි, ‍විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුදන්ත ගනේගමආරච්චි, ඩිජිටල් අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය මනෝජ් ගමගේ, GovTech Sri Lankaහි ඩිජිටල් පරිවර්තන අංශ ප්‍රධානී Michael Helm යන මහත්ම මහත්මීහු ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

More News..